කොරෝනා ආසාදිතයින් අතර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
19

කොරෝනා ආසාදිතයින් අතර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්

කොරෝනා ආසාදිතයින් අතර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්

කෝවිඞ් 19 හෙවත්, නව කොරෝනා ආසාදනය වී මේවනවිට අයි ඞී එච් උණ රෝහලේ ප‍්‍රතිකාර ලබන්නන් අතර ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයෙකු ද සිටින බව වාර්තා වනවා. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙකු වන ඔහු වරකාපොළ ප‍්‍රාදේශීය සභාවේ මන්තී‍්‍රවරයෙක්.

 


මෙම පුද්ගලයා කටුනායක ගුවන් තොටුපළේ වෛද්‍ය ඒකකයට අනියුක්තව සේවය කළ අයෙකු වනවා. කටුනායක ගුවන් තොටුපළේ සේවයේ යෙදී සිටි හමුදා සාමාජිකයෙකු ද නව කොරෝනා ආසාදනය වී ඇතැයි මීට පෙර හඳුනා ගැනුණු අතර ඔහු රෝහල්ගත කර ඇත්තේ ද, නව කොරෝනා ආසාදිත බවට දැන් තහවුරු වී තිබෙන මෙම මන්තී‍්‍රවරයා විසින්. 

 


මේ අතර නව කොරෝනා අසාදිත බවට තහවුරු වී මේවනවිට අයි ඞී එච් උණ රෝහලේ ප‍්‍රතිකාර ලබන්නන් අතර විදේශිකයින් දෙදෙනෙකු ද සිටින බව නෙත් නිවුස් වෙත වැඩිදුරටත් වාර්තා වුණා. ඔවුන්ගෙන් එක් අයෙකු ඉන්දියානුවෙකු වන අතර අනෙක් තැනැත්තා ප‍්‍රංශ ජාතිකයෙක්. 

 

views

818 Views

Comments

arrow-up