MAR
19
දැරියක් අපයෝජනයට ලක් කිරීමේ වීඩියෝවට අදාළ සැකකරු අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ දැරියක් අපයෝජනයට ලක් කිරීමේ වීඩියෝවට අදාළ සැකකරු අද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ය.සැකකරැ වයස 36 ආඬිඅම්බලම ප්‍රදේශයේදී පුද්ගලයෙකි.
සැකකරුගේ දුරකතන විශ්ලේෂණ වාර්තා අනුව ලබාගත් තොරතුරු මත ඔහු අත්අඩංගුවට ගැනුණු බව පොලීසිය සඳහන් කළේ ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යා පර්යේෂණ අංශයේ නිලධාරීන්ගේ දායකත්වය ද මෙයට ලැබී ඇත.
1004 Views
Comments