වීසා ගැටලු‍ව ගැන ඇමති ටිරාන්ගෙන් විශේෂ ප්‍රකාශයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
06

වීසා ගැටලු‍ව ගැන ඇමති ටිරාන්ගෙන් විශේෂ ප්‍රකාශයක්

වීසා ගැටලු‍ව ගැන ඇමති ටිරාන්ගෙන් විශේෂ ප්‍රකාශයක්

වීසා පහසුකම සම්බන්ධයෙන් පසුගිය දා ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අද (06) පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වූ අවස්ථාවේදී, එය සජිවිලෙස නරඹමින් ඇමතිවරයාගෙන් ඇසියයුතු ප්‍රශ්න දිගින් දිගටම මාධ්‍යවේදියකු වෙත යොමුකළ කැබිනට් ඇමතිවරයකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණයවී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

 

මාධ්‍ය හමුවට සහභාගිවූ මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු මාධ්‍ය හමුවෙන් පසු ඒ සම්බන්ධයෙන් අමාත්‍ය ටිරාන් අලස් ව දැනුවත් කර ඇතැයි ද මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

 

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, නව වීසා ක්‍රමවේදය සම්බන්ධයෙන් වූ යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයකින් තොරව ඒකමතිකව පසුගිය නොවැම්බර් 23 වන දින සම්මත වූ බවය.

views

227 Views

Comments

arrow-up