කැන්ගරු දේශයෙන් ශ්‍රී ලංකාවට ගුවන් යානයක්

ශ්‍රී ලංකාවෙි සාගර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් ගුවන් යානයත් පරිත්‍යාග කිරීමට ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ (දකුණු සහ අග්නිදිග ආසියානු කලාපයේ) නියෝජ්‍ය ලේකම් මිචෙල් චැං (Michelle Chan) මහත්මිය එකඟතාවය පළ කර තිබේ.
ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි මිචෙල් චැං මහත්මිය ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා හමුවේ මෙම පොරොන්දුව ලබා දී ඇත.
නීති විරෝධී සංක්‍රමණ වැළැක්වීම ඇතුළු ශ්‍රී ලංකාවේ සාගර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් තබන පළමු පියවර ලෙස මෙම ගුවන් යානය ලබා දෙන බව මිචෙල් චැං මහත්මිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
227 Views
Comments