කොළඹ ප්‍රධාන පුද්ගලික රෝහල් කොරෝනා යයි සැක රෝගීන් ඇතුලත් කර නොගනී.. රජයේ රෝහල් සරණ පමණයි..
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
23

කොළඹ ප්‍රධාන පුද්ගලික රෝහල් කොරෝනා යයි සැක රෝගීන් ඇතුලත් කර නොගනී.. රජයේ රෝහල් සරණ පමණයි..

කොළඹ ප්‍රධාන පුද්ගලික රෝහල් කොරෝනා යයි සැක රෝගීන් ඇතුලත් කර නොගනී.. රජයේ රෝහල් සරණ පමණයි..

කොරෝනා වෛරසය ආසාදනය වී යැයි සැක සහිත කිසිදු පුද්ගලයෙකු ප්‍රරතිකාර සදහා භාර නොගැනීමට කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් සියල්ලම පාහේ තීරණය කර ඇත.

 

එම රෝහල්වල පාලනාධිකාරින් විසින් වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයවලට දැනුම්දී ඇත්තේ උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව ඇති කිසිදු රෝගියකු රෝහලේ නේවාසික ප‍්‍රතිකාර සදහා ඇතුළු කර නොගන්නා ලෙසයි.

 

එවන් රෝග ලක්ෂණ සහිත ඕනෑම අයෙකු බාහිර රෝගී අංශය හරහා කුමන හෝ ඖෂධ කිහිපයක් ලබාදී පිටත් කර යවන ලෙස නිල වශයෙන්ම දැනුම්දී ඇත.

 

මෙය රෝහල් කාර්ය මණ්ඩලය කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ගන්නා ලද පියවරක් යයි එක් රෝහලක ප‍්‍රකාශකයෙක් අප වෙත සඳහන් කළේය.

 

ඒ අනුව දැනටමත් කැස්ස, උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව සහිත කිසිදු පුද්ගලයෙකු එම රෝහල්වල නේවාසික ප්‍රතිකාර සඳහා නවත්වා නොගනී.

 

ඇතැම් පුද්ගලික රෝහල් විසින් එවන් පුද්ගලයන් සදහා උපදෙස් දී ඇත්තේ කොළඹ ජාතික රෝහල හෝ උණ රෝහල වෙත යන ලෙසයි.

views

727 Views

Comments

arrow-up