කෘමියෙක් නිසා ජීවිතයක් අහිමිවූ හැටි

යාපනය නගරයේ පදිංචි පුද්ගලයෙකුට කෘමියෙකු දෂ්ඨ කිරීමෙන් පසු ඇති වූ රෝගී තත්ත්වයකින් පසු මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.
මිය ගොස් ඇත්තේ යාපනය නගරයේ පදිංචි 52 හැවිරිදි ෂන්මුගවේල් අරුන්සෙල්වම් නැමති අයෙකි.
එම පුද්ගලයාගේ කණට යටින් වූ ස්ථානයකට මෙම ද්ෂ්ඨ කිරීම සිදුකොට ඇති අතර කෘමියා දෂ්ඨ කරන ලද ස්ථානයේ අධික වේදනාවක් ඇතිවීම හේතුවෙන් එදිනම යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් වී ඇත.
කෙසේ වෙතත් දෂ්ඨ කරන ලද්දේ කෘමියෙකු බවට රෝගියා විසින් පවසා ඇතත් කුමන වර්ගයේ කෘමියෙක්දැයි යන්න රෝගියාට හඳුනාගැනීමට නොහැකි වී ඇත.
මේ අතරවාරියේදී ඊයේ දින අදාල රෝගයාගේ වේදනාව බරපතල වී ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටින අතරවාරයේදී මිය ගොස් ඇත.
274 Views
Comments