මැතිවරණය තියනවා නම් ඊට අවශ්‍ය සම්පූර්ණ සහයෝගය දෙන්න පුළුවන් - අනිල් ජාසිංහ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
22

මැතිවරණය තියනවා නම් ඊට අවශ්‍ය සම්පූර්ණ සහයෝගය දෙන්න පුළුවන් - අනිල් ජාසිංහ

මැතිවරණය තියනවා නම් ඊට අවශ්‍ය සම්පූර්ණ සහයෝගය දෙන්න පුළුවන් - අනිල් ජාසිංහ

මහමැතිවරණයක් පවත්වන්නේ නම් ඒ සඳහා අවශ්‍ය සම්පූර්ණ සහයෝගය ලබාදීමට හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි. 

 

"අපේ කාරණාවක් නෙවෙයි මැතිවරණ පවත්වන්න පුළුවන්ද බැරිද කියන එක. ඒක රටේ ඇතිවන තත්වය සහ අවසාන වශයෙන් මැතිවරණ කොමිසම විසින් ගන්නා තීරණයක්. 

 

නමුත් මැතිවරණයක් පවත්වනවා නම් ඒ සඳහා අවශ්‍ය කරන සම්පූර්ණ සහයෝගය ලබාදීමේ හැකියාව තියෙනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

 

අනිල් ජාසිංහ මහතා මේ බව පැවසුවේ පෙරේදා (20) රාත්‍රියේ පැවති දෙරණ 360 වැඩසටහන සමඟ එක්වෙමිනි. මෙතෙක් ශ්‍රී ලංකාවෙන් එක්දිනක් තුළ හඳුනාගත් වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වුණු දිනයේදීම ඒ මහතා මෙම ප්‍රකාශය සිදුකිරීම ද විශේෂත්වයකි. 

views

849 Views

Comments

arrow-up