පාර්ලිමේන්තුව මාධ්‍යවේදීන්ට වසා තියෙන්නේ කොරෝනා හැදෙන්නේ මාධ්‍යවේදීන්ට පමණක් වන නිසාද?
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
26

පාර්ලිමේන්තුව මාධ්‍යවේදීන්ට වසා තියෙන්නේ කොරෝනා හැදෙන්නේ මාධ්‍යවේදීන්ට පමණක් වන නිසාද?

පාර්ලිමේන්තුව මාධ්‍යවේදීන්ට වසා තියෙන්නේ කොරෝනා හැදෙන්නේ මාධ්‍යවේදීන්ට පමණක් වන නිසාද?

පාර්ලිමේන්තුව මාධ්‍යවේදීන්ට වසා තියෙන්නේ කොරෝනා හැදෙන්නේ මාධ්‍යවේදීන්ට පමණක් වන නිසාද? පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට, නිලධාරීන්ට කොරෝනා හැදෙන්නේ නැද්ද? පොලිසියට හැදෙන්නේ නැද්ද? ගාල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනුෂ නානායක්කාර මහතා (සජබ) පාර්ලිමේන්තුවේදී ඊයේ (25 දා) ප්‍රකාශ කළා.


 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්තී‍්‍රවරයා මෙසේද කීය.

  ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වතාවට මාධ්‍ය ගැලරියේ මාධ්‍යවේදීන් නොමැතිව මුදල් ඇමැතිවරයාට තමන්ගේ අය වැය කතාව ඉදිරිපත් කිරිමට සිදුවුණා. අද දිනයේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශිර්ෂය විවාදයට ගන්නා අවස්ථාව වන විට පාර්ලිමේන්තුව මාධ්‍යවේදීන්ට තහනම් කලාපයක් බවට පත්ව තිබෙනවා. පාර්ලිමේන්තුවේ සජීවී විකාශයන් නිසි ආකාරයෙන් මාධ්‍ය වෙත ලබා නොදෙමින්, විපක්ෂයේ මන්ත‍්‍රීවරු රටට වැදගත්, ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීම් කරන විට එයට බාධා කරමින්, මන්ත‍්‍රීවරුන්ට කැමරාව ලබා නොදෙමින් පාර්ලිමේන්තු කටයුතු නිදහසේ වාර්තා කිරීමට ඉඩ ලබා නොදෙන තත්වයක් තුළ තමයි අපිට අද කතා කිරීමට සිදුව තිබෙන්නේ.


 
දැන් පාර්ලිමේන්තුව මාධ්‍යවේදීන්ට වසා තියෙන්නේ කොරෝනා හැදෙන්නේ මාධ්‍යවේදීන්ට පමණක් වන නිසාද? පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට, නිලධාරීන්ට කොරෝනා හැදෙන්නේ නැද්ද? පොලිසියට හැදෙන්නේ නැද්ද?


 
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගන්නා අවස්ථාවේදී මාධ්‍ය කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් අය වැය යෝජනා මගින් ඉදිරිපත් කර තිබෙන්නේ මොනවාද? මාධ්‍ය කර්මාන්තයේ දියුණුව වෙනුවෙන්, මාධ්‍යවේදීන්ගේ වෘත්තීය දියුණුව වෙනුවෙන් අය වැය ලේඛනයෙන් කිසිදු යෝජනාවක් ඉදිරිපත් නොකිරීම කනගාටුවට කරුණක්. සිව්වැනි ආණ්ඩුව ලෙසින් සැලකෙන ජනමාධ්‍ය සම්බන්ධයෙන් ආණ්ඩුවේ තියෙන ආකල්පය තමයි එයින් පෙන්නුම් කරන්නේ. මාධ්‍යවේදීන්ට පසුගිය කාලයේදී ලබාදුන් ‘මාධ්‍ය අරුණ’ ණය යෝජනා ක‍්‍රමය හා අධ්‍යාපන ආධාර ක‍්‍රමය ඉදිරියට ගෙන යනවාද යන්න ගැනවත් මෙහි සඳහනක් නෑ. මාධ්‍යවේදීන්ට ලබාදුන් ඒ සහන මේ අය වැයෙන් කප්පාදු කර තිබෙනවාද කියලා පැහැදිලි උත්තරයක් අපි ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙනවා.
 

 

 

views

616 Views

Comments

arrow-up