කළුතර රෝහලේදී සිදුකළ ඉතිහාසගත සැත්කම
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
19

කළුතර රෝහලේදී සිදුකළ ඉතිහාසගත සැත්කම

කළුතර රෝහලේදී සිදුකළ ඉතිහාසගත සැත්කම

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට අධිබල ලේසර් කිරණ භාවිතයෙන් පුද්ගලයෙකුගේ වකුගඩුවක් තුළ තිබූ විශාල ප්‍රමාණයේ ගලක් ඉවත් කිරීම කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ දී ඊයේ (18) දින සිදු තිබේනවා

 

මෙය මෙරට වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පිටුවක් ද පෙරළමින් සිදුවූ බව එම කාර්යයට සම්බන්ධ වූ වෛද්‍ය කණ්ඩායම කියා සිටින්නෙ කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ D ශල්‍යාගාරයේ දී පුද්ගලයෙකුගේ වකුගඩුවක් තුළ තිබූ සෙන්ටිමීටර 4ක පමණ ප්‍රමාණයේ විශාල ගලක් වොට් 140ක අධිබලැති ලේසර් තාක්ෂණය යොදා ගනිමින් සාර්ථකව කුඩුකර මුත්‍රා මාර්ගය හරහා ඉවතට ගැනීම මෙහිදී සිදුවිය.

 

වකුගඩු හා මෞත්‍ර ලිංගික විශේෂඥ ශල්‍ය වෛද්‍ය කලණ පරණපල්ලියගුරුගේ මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම මෙම ශල්‍යකර්මය සිදුකර තිබුණි.

 

මෙම රෝගියාට මීට වසර 7කට පමණ පෙරත් අඟල් 8ක පමණ විශාල කැපුමක් සිදුකර මෙවැනි ගලක් ඉවත් කර තිබූ අතර දෙවෙනි වරටත් ඔහුගේ ගලක් ඉවත්කිරීමට සිදුවූ බැවින් මෙම ක්‍රමය භාවිත කළ බව විශේෂඥ ශල්‍ය වෛද්‍ය කලණ පරණපල්ලියගුරුගේ මහතා පැවසීය.

 

ඒ හේතුවෙන් රෝගියාට සිදුවන අපහසුතාවය අවම වී ඇති අතර දින හතරක් වැනි කාලයකින් පසු සම්පූර්ණ සුවය ලබා දෛනික කටයුතු කරගැනීමේ හැකියාව ද උදාවන බව වෛද්‍යවරු පවසයි.

 

මෙම හයිපවර් ලේසර් යන්ත්‍රය පළමු වරට ශ්‍රී ලංකාවේදී භාවිත කරමින් මෙම සැත්කම සිදුකර තිබුණි.

 

 

views

675 Views

Comments

arrow-up