බන්ධනාගාර සිද්ධි ගැන සොයන්න කමිටුවක්

මෑත කාලීනව බන්ධනාගාර තුළ සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් සාධාරණ පරික්ෂණයක් අමාත්‍යාංශ මට්ටමින් සිදුකිරීම සඳහා වහාම කමිටුවක් පත් කරන ලෙස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අමාත්‍යාංශ ලේකම්වරියට උපදෙස් ලබාදී තිබේ.
අතිරේක ලේකම්වරයෙකුගේ සභාපතීත්වයෙන් යුතුව සාමාජිකයින් තිදෙනෙකුට නොඅඩු කමිටුවක් පත්කරන ලෙස ලේකම්වරියට උපදෙස් ලබාදුන් බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මොණරාගල බන්ධනාගාරයේ රැඳවියෙකු මියයාම, මාතර බන්ධනාගාරයේ රැඳවියෙකුට පහරදීම, බෝගම්බර බන්ධනාගාරයේ රැදවියන් පලායාම සහ රැඳවියෙකු මියයාම, වැලිකඩ හා මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් උද්ඝෝෂණය කිරීම ඇතුළු සිදුවීම් සම්බන්ධයෙන් ස්වාධින පරික්ෂණයක් සිදුකිරීම මෙම කමිටුව පත් කිරිමේ අරමුණ වෙයි.
එම කරුණු සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකර එම කමිටු වාර්තාව සති තුනක් ඇතුළත ලබාදෙන ලෙස ද සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය ඇමතිවරිය උපදෙස් ලබාදී ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
එම සිදුවීම් සම්බන්ධයෙන් සාධාරණ පරික්ෂණක් පවත්වා යම් අයෙකුඅතින් වරදක් සිදුවී ඇත්නම් ඔවුන්ට එරෙහිව විනයානුකූලව මෙන්ම නීත්‍යානුකූලව පියවරගන්නා ලෙස ද රාජ්‍ය අමාත්‍යවරිය උපදෙස් ලබාදී තිබේ.
673 Views
Comments