නොරොච්චෝලෙ නවතී; කෝටි 69ක අළුත්වැඩියාව අසාර්ථකයි - විදුලි අර්බුදය වැඩිවන ලකුණු
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
24

නොරොච්චෝලෙ නවතී; කෝටි 69ක අළුත්වැඩියාව අසාර්ථකයි - විදුලි අර්බුදය වැඩිවන ලකුණු

නොරොච්චෝලෙ නවතී; කෝටි 69ක අළුත්වැඩියාව අසාර්ථකයි - විදුලි අර්බුදය වැඩිවන ලකුණු

නොරොච්චෝල ගල් අගුරු බලාගාරය රුපියල් කෝටි 69 ක් ගෙවා මාස තුනක පමණ කාලයක් තිස්සෙ අලුත්වැඩියා කළද යළි ආරම්භ කොට දින 10කින් එය නැවත ක්‍රියා විරහිත වී තිබෙනවා.

 

නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ පළමු අදියරේ මෙගාවොට් 300 ක විදුලි ජනන යන්ත්‍රය ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේ සිට නතර කර මාස තුනක් තිස්සේ අලුත්වැඩියා කළ අතර මෙම මස 04 වැනි දින යළි ක්‍රියාත්මක කෙරුණා.

 

එහෙත් එම බලාගාරය මෙම මස 14 වැනි දින නැවත ක්‍රියාවිරහිත වී තිබේ. එම අලුත්වැඩියා කටයුතු සඳහා චීන සමාගමකට ලංකා විදුලිබල මණ්ඩලය ඩොලර් මිලියන 3.8 ක මුදලක් ගෙවා තිබෙනවා.

 

නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ මෙගාවොට් 300 ක එම ජනන යන්ත්‍රය ක්‍රියාවිරහිත වීම නිසා අතිරේකව ගිගාවොට් පැය 6 ක විදුලියක් ජනනය කිරීම ජල විදුලි බලාගාරවලින් කෙරෙන බවද ලංවිම ආරංචි මාර්ග කියයි.

 

මේ අතර දැඩි වියළි කාලගුණ තත්වය නිසා ප්‍රධාන විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම සීඝ්‍රෙයන් පහත වැටෙමින් තිබෙන බව සදහන්.

views

757 Views

Comments

arrow-up