උද්දික රන්ජන් වගේ නෑ ; අපේ ලැයිස්තුවෙන් අනුරාධපුරයට - විමල් (VIDEO)

තරුණ තරුණියන්ට වෘත්තීය මාර්ගෝපදේශය ලබාදීමේ වැඩසටහනක් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර යොවුන් නිකේතනයේදී පැවැත්වුණා. ජවයට සවිය තේමාවෙන් එය සංවිධාන කළේ අපේ මග සංවිධානයයි.
අපේ මග සංවිධානයේ නිර්මාතෘ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා සමග එම සංවිධානයේ නියෝජිතයින් තරුණ තරුණියන් වෙනුවෙන් උපදේශන සේවා ලබාදුන්නා.
රැකියා අවස්ථා, ව්‍යවසායකත්ව කලාප, උසස් අධ්‍යාපන ,චිත්‍ර ප්‍රදර්ශන මෙන්ම සංගීත සැදෑවක් ඇතුළු වැඩසටහන් මෙහිදී පැවැත්වුණා.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන අලංකාරවත් කරමින් සිතුවම් කළ තරුණ තරුණියන්ගේ නිර්මාණ සහිත ප්‍රදර්ශනය ද මෙහිදී අමාත්‍යවරයාගේ විශේෂ අවදානයට ලක්වුණා.
රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තම පක්ෂය නියෝජනය කරමින් තරඟ වදින බව ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා ඒහිදී සඳහන් කළා.
ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ ලැයිස්තුව යටතේ ඔහු තරග වදින්න බවද ඇමතිවරයා කියා සිටියා.
උද්දික ප්‍රේමරත්න රට කෙරෙහි ආදරයක් සහ හැඟීමක් තියෙන පුද්ගලයෙක් බවද කී ඔහු කලාකරුවන් අතර හිටියේ එහෙන් මෙහෙන් රන්ජන් රාමනායක වගේ අයද සිටිය හැකි යැයිද සඳහන් කළා.
751 Views
Comments