වීදිවල මිනිසුන් ඇදවැටී මියයෑමට COVID-19 හේතුවක් නොවිය හැකියි - වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

සමාජ මාධ්‍යවල වාර්තා වන පරිදි මිනිසුන් වීදිවල වැටීමට COVID-19 හේතුව නොවිය හැකි බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා.
පරීක්ෂණ සහ විභාග කිරීම් මගින් මරණයට හේතුව COVID-19 බව සනාථ කළ යුතු බවයි වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා අවධාරණය කළේ. ශ්‍රී ලංකාවේ COVID-19 රෝගීන් සිය ගණනකින් වාර්තා වීම භයානක තත්වයක් බවට ඔහු අනතුරු ඇඟවනවා.
නිරෝධායන රෙගුලාසිවලට තදින් අනුකූල වීම ශ්‍රී ලංකාවේ වෛරසය පැතිරීම පාලනය කිරීමට හේතු වන අතර එසේ නොවුනහොත් COVID-19 සංඛ්‍යා අනාගතයේ දී ඉහළ යා හැකි බව වෛද්‍යවරයා කියා සිටියා.
2334 Views
Comments