රුධිර හිඟයක් – පරිත්‍යාගශීලීන්ට ලේ බැංකුවෙන් අරාධනා

රුධිර හිඟයක් නිර්මාණය වී ඇති බව ජාතික රුධිර පාරවිලයන සේවය පවසනවා.
පවතින තත්ත්වයත් සමඟ රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහන් සංවිධාන නොවීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව වී ඇති බවයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පැවසුවේ. ජංගම රුධිර පරිත්‍යාග කිරීමේ මධ්‍යස්ථාන පසුගිය කාලවකවානුව පුරාම නිසි පරිදි සිදුකිරීමට නොහැකි වූ බව ද හෙතෙම සඳහන් කළා.
බස්නාහිර පළාත තුළ ඇඳිරි නීතිය පැනවීමත් සමඟ එම වැඩපිලිවෙලට දැඩි බලපෑම් එල්ල වුණා. මේ හේතුවෙන් පිට පළාත්වල ද එවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබී නැහැ.
කෙසේ වෙතත් රුධිර පරිත්‍යාගශීලීන්ට ඒ සඳහා මේ වන විට අවස්ථාව හිමිවන බවයි වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ සඳහන් කළේ. ඒ සඳහා ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකි වනවා.
782 Views
Comments