අපව පැරැද්දුවා - ජානිපෙ අපේක්‍ෂකයෝ කියති - අධිකරණයේ පිහිට පතයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
09

අපව පැරැද්දුවා - ජානිපෙ අපේක්‍ෂකයෝ කියති - අධිකරණයේ පිහිට පතයි

අපව පැරැද්දුවා -  ජානිපෙ අපේක්‍ෂකයෝ කියති -  අධිකරණයේ පිහිට පතයි

තමන්ව පරාජය කිරීම සඳහා කොළඹ සිට ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණයක් තිබූ බව මෙවර මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මොණරාගල දිස්ත්‍රික්කයට තරඟ වදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පත්ම උදය ශාන්ත ගුණසේකර මහතා සඳහන් කරයි.

 

ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් තරඟ වැදුණු ඒ මහතා මෙවර මොණරාගල මනාප ලයිස්තුව අනුව පරාජයට පත්විය.

 

මේ අතර ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පුත්තලම දිස්ත්‍රික්කයට තරඟ වැදී අපේක්ෂක ජගත් ප‍්‍රියංකර මහතා සඳහන් කරන්නේ තමන් ලබාගත් මනාප ප්‍රමාණය අවසන් මොහොතේ අඩුවී ඇති බවයි.

 

ඊට විරුද්ධව නඩු පවරන බවද මෙම ප්‍රතිඵලය පිළිගැනීමට නොහැකි බව බවද ඔහු සඳහන් කළේය.

 

views

834 Views

Comments

arrow-up