AUG
02
මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ රැඳවියන් තුන්දෙනෙකු කළුතර බන්ධනාගාරයෙන් පැන යයි

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටි රැඳවියන් තුන්දෙනෙකු කළුතර බන්ධනාගාරයේ තාප්පයෙන් අද අලූයම පැන ගොස් තිබෙනවා.
අදාළ රැඳවියන් තුන්දෙනා 24, 23 සහ 32 යන වයස්වල පසුවන බේරුවල සහ කළුතර ප්‍රදේශවල පදිංචිකරුවන්.
සැකකාර රැඳවියන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිටත් පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි කළුතර උතුර පොලීසිය සඳහන් කරන්නේ.
792 Views
Comments