රජවරුන්ගේ සිට වර්තමාන නායකයින් දක්වා සියලු දෙනාම වන විනාශයට දායක වෙනවා - වනජීවී රාජ්‍ය ඇමති
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
02

රජවරුන්ගේ සිට වර්තමාන නායකයින් දක්වා සියලු දෙනාම වන විනාශයට දායක වෙනවා - වනජීවී රාජ්‍ය ඇමති

රජවරුන්ගේ සිට වර්තමාන නායකයින් දක්වා සියලු දෙනාම වන විනාශයට දායක වෙනවා - වනජීවී රාජ්‍ය ඇමති

අතීතයේ පළමු රජ දවස සිට වර්තමාන නායකයින් දක්වා සියලු දෙනාම පරිසරය විනාශයට විවිධාකාරයෙන් දායක වී ඇති බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසනවා.

 

අද දිනට යෙදී තිබෙන ලෝකයේ තෙත්බිම් සුරැකීමේ දිනය වෙනුවෙන් ජාතික වැඩසටහන ආකට්ටුවේ ආනවිලුන්දාව රැම්සා අභය භූමියේ දී පැවැත්වූ අතර එහිදී අමාත්‍යවරයා මෙලෙස පවසා සිටියා.

 

"වනජීවී ප්‍රශ්න එන්නෙම මං ගියපුවහම.... දැනගෙන එනවා කෑගහගෙන එනවා.... මගේ පස්සේ වනජීවී ප්‍රශ්න... කොහොම වෙතත් කමක් නෑ. අපි ඔබේ ඉල්ලීම සාධාරණව බාරගන්නවා. ඔය පිකට් කරන්න මොකුත් කරන්න ඕන නෑ.. මට තේරුණා.. ඒ නිසා අපි හුඟක් වෙලාවට අර සුන්දර පරිසරය අස්සෙන් ජීවත්වන මිනිසුන්ගේ දුක්ගැනවිලි ගැන බලලා තියෙනවා. මෙතනදී මට හිතලා තීන්දුවක් ගන්න බෑ... දැන් බලන්න පහුගිය දවස්වල මේකේ මොකක්ද ට්‍රැක්ටර් ව්‍යාප්ත මොකක්ද එහෙ මෙහෙ ගියා කියලා මුළු රටම අවදියෙන්... හැබැයි ඉතිහාසයේ.. මං කියන එක තේරුම් ගන්න ඕනේ.. ඉතිහාසයේ පළවෙනි රජතුමා පණ්ඩුකාභයගේ ඉඳලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ළඟට එනකම් හැම පාලන යුගයකම කැලේ කපන තියෙනවා. කැලේ කපල තියෙනවා... නෑ කියන්න බැහැ... ගස් කපනවා... පරිසරය විනාශ කරනවා... මේක කොරලාම තියෙන්නෙ.. ලෝකෙ හැටි ඔහොමයි... ඒකෙන් අදහස් කරන්න එපා ඔබ කිසිසේත්ම මේ රම්සා තෙත් බිම් හරි වනන්තරේ හරි... බිලි දෙන්න ලෑස්ති නැහැ... අපි ඒක ආරක්ෂා කරනවා."

 

views

833 Views

Comments

arrow-up