කොරෝනා ආසාදිත ව මිය ගිය බව කියන බිළිදා ආදාහනය කීරීම සැකයි - මව්පියන් ශ්‍රේෂ්ඨාධිකරණයට

කොරෝනා ආසාදිත ව මිය ගිය බව කියන දින විසි එකක් වයසැති ළදරුවාගේ දේහය ආදාහනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කැඳවන ලෙස ඉල්ලමින් එම දරුවාගේ දෙමව්පියන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.
බිලිදා ගේ පියා වන මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆාසීන් සහ මව වන පාතිමා ශෆ්නාස් යන අය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.
ඔවුන් කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවන්. දරුවා පසුගිය හත්වන දා රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර තිබුණේ හදිසියේ හටගත් උණ රෝගයක් හේතුවෙන් බවයි දෙමාපියන් සඳහන් කරන්නේ.
ඉන් පසුව දරුවාට වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර ලබාදුන් බවත් ඔවුන් සඳහන් කරනවා.
දරුවා මියගිය බව රෝහල් බලධාරීන් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව හදිසියේ ආදාහනය කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් දෙමව්පියන් චෝදනා කරයි.
තම දරුවා කොරෝනා වෛරසය ආසාදනය වීමේ හේතුවෙන් මියගිය බවට වන කිසිදු ලේඛනයක් රෝහල් බලධාරීන් විසින් ලබා නොදුන් බවයි ඔවුන් සඳහන් කරන්නේ.
මිය ගිය දරුවාගේ දේහය සම්බන්ධයෙන් නැවත පී සී ආර් පරීක්ෂණයක් ඉල්ලා සිටිය ද එය බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කළ බවට දෙමව්පියන් චෝදනා නගනවා.
අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්ම රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා නීතිපතිවරයා ඇතුළු හත් දෙනකු පෙත්සම්කරුවන් නම් කර තිබෙනවා.
608 Views
Comments