මෙවර නිදහස් දින සැමරුම නැරඹීමට පැමිණීමට ජනතාවට අවසර නැහැ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
01

මෙවර නිදහස් දින සැමරුම නැරඹීමට පැමිණීමට ජනතාවට අවසර නැහැ

මෙවර නිදහස් දින සැමරුම නැරඹීමට පැමිණීමට ජනතාවට අවසර නැහැ

කොළඹ නිදහස් චතුරස්‍රයේ පැවැත්වෙන 73 වන ජාතික නිදහස් දින සැමරුම පැමිණ නැරබීමට මහජනතාවට අවසර හිමි නොවන බව ආරක්ෂක ලේකම්වරයා පවසනවා

 

ජාතික නිදහස් දින සැමරුමට අදාළ ආචාර පෙළපාලියට සහභාගී වන සියලු භට පිරිස් PCR හෝ ඇන්ටිජන් පරීක්ෂණයකට යොමු කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා.

 

අදාල පරීක්ෂණ වාර්තා නිරවුල්ව පැවතියහොත් පමණක් එම භට පිරිස් ආරක්ෂක පෙළපාලියට සම්බන්ධ කර ගන්නා බවයි ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළේ.

 

ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ මෙවර නිවසේ සිට නිදහස් දින සැමරුම නැරඹීමට කටයුතු කරන ලෙසයි

 

 

views

768 Views

Comments

arrow-up