යුරෝසන් අනතුරට හේතුව මඟ වෙනස් කිරීමයි - කොරල් පර වලට හානිය වූවා දැයි පරීක්ෂණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
25

යුරෝසන් අනතුරට හේතුව මඟ වෙනස් කිරීමයි - කොරල් පර වලට හානිය වූවා දැයි පරීක්ෂණයක්

යුරෝසන් අනතුරට හේතුව මඟ වෙනස් කිරීමයි - කොරල් පර වලට හානිය වූවා දැයි පරීක්ෂණයක්

කිරින්ද කුඩා රාවණා ප්‍රදීපාගාරය ආසන ගල් පරයක ගැටී සිරවී තිබූ MV Eurosun නෞකාව අනතුරට ලක්වීමට හේතුව යාත්‍රා කිරීමට නියමිතව තිබූ මාර්ගය වෙනස් කිරීම නිසා බව අනාවරණය වී ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.

 

මෙම නෞකා අනතුර හේතුවෙන් සමුද්‍රීය පත්ලට සහ කොරල් පර වලට සිදුවිය හැකි හානිය සම්බන්ධයෙන් ගවේශනයක් සිදුකර විද්‍යාත්මක වාර්තාවක් සකස් කිරීමට එම අධිකාරිය තීරණය කර තිබෙනවා.

 

පසුගිය සිකුරාදා පස්වරුවේ ලයිබීරියානු රජය යටතේ අබුඩාබි සිට ත්‍රිකුණාමලය වරාය දක්වා සිමෙන්ති නිෂ්පාදනයට යොදා ගන්නා clinker නැමැති අමද්‍රව්‍ය රැගෙන යාත්‍රාකරමින් තිබූ නෞකාව කුඩා රාවණා ප්‍රදීපාගාරය අසල ගල් පරයක සිරවී අනතුරට ලක් වී තිබුණා.

 

ඊයේ පස්වරුවේ වඩදිය සහ දියවැල් වලට හසුවී මෙම නෞකාව ගල් පරයෙන් නිදහස්ව ඉවතට ගොස් තිබුණා.

 

නෞකාවේ බද කොටස සම්බන්ධයෙන් පරික්ෂා කිරීම සඳහා නාවික හමුදා විශේෂ කිමිදුම්කරුවන් ඊයේ පස්වරුවේ සිට නිරීක්ෂණ කටයුතුවල නිරත වෙමින් සිටිනවා.

 

ඔවුන් ගේ වාර්තා අනුව නෞකාව වරාය වෙත රැගෙන යාම සඳහා තීරණය කෙරෙන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටින්නේ.

 

 

views

576 Views

Comments

arrow-up