සති අන්තයේ ඇඳිරි නීතිය ඉවත් කිරීමේ සුදානමක්

සති අන්ත දිනවල දිනය පුරා ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය මේ සතියේ සිට ඉවත් කරනු ඇති බව රජයේ ආරංචි මාර්ග පවසනවා.
මෙරට තුළ කොරෝනා ව්‍යාප්තිය පාලනය වී ඇති නිසා මෙම තීරණය ගැන රජය සලකා බලමින් සිටිනවා.
මෙතෙක් මුළු දිවයින පුරා ඇඳිරි නීතිය ආකාරය සති අන්තයේ දිනවල ක්‍රියාත්මක කිරීමට හේතු වූයේ සති අන්තයේ ජනතාව එක්රැස් වීම වැළැක්වීමටයි.
කෙසේ නමුත් පොසොන් පොහොය උත්සවයේදී ජනතාව ඒකරාශි වීම වැලැක්වීමට 4 සහ 5 දෙදින තුළ ඇඳිරි නීතිය දවස පුරා පැනවීමට රජය කටයුතු කර තිබෙනවා.
735 Views
Comments