දර්ගා නගරයේ ත්‍රීරෝද රථයකට ගිනිතබා සැඟව සිටි අයෙක් අත්අඩංගුවට

දර්ගා නගරයේ සොබලන් කන්ද ප්‍රදේශයේ නිවසක නවතා තිබූ ත්‍රීරෝද රථයක් ගිනි තබා විනාශ කර සැඟව සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් පුද්ගලයා 30 හැවිරිදි අයෙකු බවයි පොලිසිය පැවසුවේ.
සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී හෙරොයින් මිලිග්‍රෑම් 2100 ක් ද සොයා ගෙන තිබෙනවා.
සැකකරු අසල්වැසි නිවැසියෙකු සමග ඇතිවූ ආරවුලක් මුල් කරගෙන මෙම ත්‍රිරෝද රථය ගිනි තබා ඇතැයි පොලිසිය කළ විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.
මෙම ත්‍රීරෝද රථය ඊයේ ගිනි තබා ඇති අතර නිවැසියන් ප්‍රදේශවාසීන් සමඟ එක්ව ගින්න නිවා දමා තිබුණා.
773 Views
Comments