කැමරා දර්ශන මැකුවේ චම්පික - පූජිත අතර එකඟතාවයකින්?

හිටපු ඇමති චම්පික රණවක මහතා සම්බන්ධයෙන් වන එල්ලවන චෝදනාව ගැන එවකට කොළඹ දිසාව භාරව කටයුතු කල වත්මන් පොලිස්පති පූජිත ජයසුන්දරගෙන් ප්‍රශ්න කිරීමට සූදානමක් ඇති බව වාර්තා වෙයි.
ආන්දෝලනාත්මක අනතුර වූ දිනයේ චම්පික රණවක සහ පූජිත ජයසුන්දර අතර එකඟතාවයක් මත කැමරා දර්ශන මැකී ගිය බවට ප්‍රබල චෝදනාවක් එල්ල වී තිබේ.
එමෙන්ම ඔහුගේ නියෝගය පරිදි පොලිසියේ සාක්ෂි සටහන් වෙනස් කළේ යැයි ද චෝදනා එල්ල වෙයි. මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් අධිකරණය හමුවේ කරුණු දැක්වීමක්ද සිදු කර තිබෙනවා.
පොලිස්පති පූජිත ජයසුන්දර මේ වන විට අනිවාර්ය නිවාඩු යවා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ පාස්කු දින මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර වළක්වා ගැනීමට කටයුතු නොකළේ යැයි එල්ල වූ චෝදනා මතයි.
802 Views
Comments