ත්‍රී රෝද රථයක් දුම්රියක ගැටෙයි

පුත්තලම පාලවියේදී අද ( 15දා ) උදෑසන ත්‍රි රෝද රථයක් දුම්රියක ගැටීමෙන් එක් අයෙකු බරපතල තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුළත් කර ඇති බව පුත්තලම පොලීසිය කියයි.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ පුත්තලම පදිංචි ලාල් කුමාර (31) අයෙකි.
පාලවිය දුම්රිය මාර්ගය වසා තිබියදී දුම්රිය ගේට්ටුවද කඩා ගෙන ගොස් ත්‍රි රෝද රථය පුත්තලම සිමෙන්ති සමාගමේ හුණුගල් ප්‍රවාහන දුම්රියේ පෙට්ටියක ගැටි ඇති බව කියයි.
අනතුරින් ත්‍රිරෝද රථයට දැඩි හානි සිදුව තිබු අතර තුවාලකරු කඩිනමින් සුවසැරිය ගිලන් රථ මගින් රෝහල් ගත කිරීමට කටයුතු කර තිබුණා.
751 Views
Comments