ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ගෝඨාභය අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.
ඒ, බස්නාහිර පළාත් සෞන්දර්යය නිකේතනයේදීයි.
එම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පක්ෂ ජ්‍යෙෂ්ඨයින් රැසක් එක් ව සිටියා.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ ඒ පිළිබඳ සදහන් කර තිබුණේ මෙලෙසයි.
මෙම ජනාධිපතිවරනයේ වැදගත් සංදිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමට මා අද අත්සන් තැබුවා. දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මීට අත්සන් තැබීමට එක්වූවා. අපගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීමට අප සමග අත්වැල් බැදගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මාගේ ආචාරය.
Marking a momentous occassion in our presidential campaign, I signed the MOU between SLFP & SLPP with the General Secretary & MP Dayasiri Jayasekera signing on behalf of SLPP. I salute the SLFP for joining hands with us in our journey to victory.
647 Views
Comments