ගම්පහ සහ කළුතර පාසල් 15වනදා යලි ඇරඹීමට නිර්දේශ

ලබන 15 වනදා විවෘත කිරීමට හැකියාව ඇති පාසල් පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය ජී ඒල් පීරිස් මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් පළ කළා.
ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් 590 අතරින් 589ක් ලබන 15 වනදා විවෘත කිරීමේ හැකියාව පවතින බවට ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව විසින් තමන්ට දන්වා ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 4 ක් පවතින අතර ඉන් ගම්පහ කලාපයේ ඇති සියලුම පාසල් පිරිවෙන් මේ වනවිට විවෘත කිරීමට හැකියාව පවතින බව ඒ මහතා සඳහන් කළා
අධික සිසුන් පිරිසක් සිටින පාසල් වල විදුහල්පතිවරයාගේ අභිමතය පරිදි පන්ති දෙකට බෙදා සතියේ දින වල දී පැවැත්වීමට අවසරය ලබා දී තිබෙනවා.
කළුතර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති පාසල් 446 අතරින් පාසල් 442ක් නැවත විවෘත කිරීමේ හැකියාව පවතින බව එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වාර්තාවෙන් දැනුම් දී ඇති බවයි මාත්‍යවරයා පවසන්නේ.
664 Views
Comments