අගමැතිට පොපි මල පළඳවයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
13

අගමැතිට පොපි මල පළඳවයි

අගමැතිට පොපි මල පළඳවයි

ලෝක පොපි මල් දින සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය අද 2020.11.13 දින උදෑසන විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට සංකේතාත්මකව පොපි මල පැළඳවුයේය.

 

ලෝකය පුරා යුද්ධයෙන් දිවි පිදූ රණවිරුවන් සිහිකිරීම උදෙසා නොවැම්බර් 11 දින ලෝක පොපි මල් දිනය සමරන අතර ඊට සමඟාමීව ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන පොපි මල් දින සැමරුම් උත්සවය කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී එළැඹෙන 15 දා පැවැත්වෙයි.

 

පොපි මල් අලෙවි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී ඇත. ඉන් ලැබෙන මුදල් විශ්‍රාමික රණවිරුවන්ගේ සුබ සාධන කටයුතුවලට වෙන්කෙරේ. ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ වසය අවුරුදු 60 වැඩි, වැඩිමහල් නිවාස අපේක්ෂිත විශ්‍රාමික නිලධාරීන් වෙනුවෙන් පොලොන්නරුවේ ඉදි කිරීමට නියමිත වැඩිමහල් නිවාසය ඉදි කිරීම් කටයුතු සඳහා සහය ලබා ගැනීම, රණවිරු සුභ සාධනය වෙනුවෙන් ලොතරැයියක් ආරම්භ කිරීම, බ්‍රිතාන්‍ය රාජකීය පොදු රාජ්‍ය මණ්ඩල සේවා මුක්ත ලීගය මෙරටට එවන පොපි මල් සඳහා ශ්‍රී ලංකා රේගු බදු මුදල් ඉවත් කරගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්ද මෙහිදී ඉදිරිපත්විය.

 

ඒ පිළිබඳව අවධානය යොමු කළ අග්‍රාමාත්‍යතුමා අදාළ අංශවලට ඒ සම්බන්ධයෙන් උපදෙස් දෙන බව කියා සිටියේය. මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්.ආටිගල මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් පොපි මල් සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් අය කරනු ලබන බදු මුදල් ඉවත් කර දීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යතුමා ඒ මොහොතේදීම සාකච්ඡා කළේය.

 

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජනරල් උපුල් පෙරේරා (විශ්‍රාමික) ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ, උප සභාපති (යුද්ධ හමුදා) මේජර් ජෙනරාල් මහින්ද අඹන්පොල (විශ්‍රාමික) ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ මහ ලේකම් ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය (විශ්‍රාමික), 2020 පොපි මල් කමිටුවේ සභාපති ගෘෘප් කපිතාන් කුමාර කිරින්ද මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

views

600 Views

Comments

arrow-up