එක් පුද්ගලයකුට ලබාගත හැකි ජංගම දුරකථන සිම්පත් ගණනක් නියම කෙරේ

එක් පුද්ගලයකුට ජංගම දුරකථන සිම්පත් පහකට වඩා මිලදී ගත නොහැකි ලෙස ආරක්ෂිත ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
මේ අනුව විදුලි සංදේශ නියාමන කොමිසම යටතේ සියලුම දුරකථන සේවා සමාගම් සම්බන්ධ කර ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතට පත්කිරීමට ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න නියෝග කර ඇති බව වාර්තා වනවා.
වෙනත් පුද්ගලයන්ගේ නමින් ජංගම දුරකථන සිම්පත් මිලදීගෙන සිදුකරන සංවිධානාත්මක අපරාධ හා ජාවාරම් මැඬපැවැත්වීමේ ආරක්ෂක පියවරක් ලෙස මෙම තීරණය ගෙන තිබෙනවා.
මෑතකදී කළ පොලිස් මෙහෙයුමකදී ජංගම දුරකථන සිම්පත් විකිණීම, ලබාගැනීම සඳහා විවිධ පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත්වල ඡායා පිටපත් දහසකට වඩා තබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබුණා.
5915 Views
Comments