රතිඤ්ඤා කම්හලක ඇති වු ගින්නෙන් පුද්ගලයෙක් මරුට

කටාන, කලුවාරිප්පුව ප්‍රදේශයේ රතිඤ්ඤා නිෂ්පාදන කම්හලක හදිසියේ ඇති වු ගින්නකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (21) රාත්‍රී 11ට පමණ ගින්න හට ගෙන ඇති අතර, එම කම්හලේ සේවය කරන 65 හැවිරිදි පුද්ගලයෙක් ගින්නෙන් පිළිස්සී මෙලෙස මරණයට පත්ව ඇත.
මියගිය පුද්ගලයා එම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක් වන අතර, ඔහු එම කම්හලේ බොහෝ කලක් සේවය කර ඇතැයි ද වාර්තා වේ.
රතිඤ්ඤා කම්හලේ ගින්න ඇති වීමත් සමග එහි තිබු වෙඩි බෙහෙත් වැනි දෑ පිපිරීමකට ලක්ව තිබේ.
කෙසේ වෙතත් ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ගින්නෙන් රතිඤ්ඤා කම්හල සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇත.
කටාන පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
866 Views
Comments