අණ නොතැකූ ටිපර් රථය නතර කරගැනීමට පොලීසිය වෙඩිතබයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
15

අණ නොතැකූ ටිපර් රථය නතර කරගැනීමට පොලීසිය වෙඩිතබයි

අණ නොතැකූ ටිපර් රථය නතර කරගැනීමට පොලීසිය වෙඩිතබයි

පොලිස් අණ නොතකා ධාවනය කළ ටිපර් රථයකට වෙඩිතබා සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්විය.

 

මුලතිව්, ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේදී මෙම වෙඩිතැබීම සිදුකර තිබේ.

 

ඔඩ්ඩුසුඩාන් පොලීසිය පැවසුවේ ටිපර් රථයේ රෝදයන්ට වෙඩිතබා රථය නතරකර ගැනීමට පොලීසිය සමත්වූ බවය.

 

මෙම මෙහෙයුමට පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්වී තිබේ.

 

පොලීසිය සඳහන් කළේ අදාළ ටිපර් රථය පොලිස් නිලධාරීන් අනතුරට පත්කරගෙන යෑමට උත්සාහ කළ බවය.

 

අත්අඩංගුවට ගත් සැකකරු මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

 

views

279 Views

Comments

arrow-up