පාරේ යමින් සිටි පිරිසක් යටකර කැබ් රථ රියදුරු පලා යයි - තිදෙනෙක් මරුට

අනුරාධපුරය, රඹෑවේ සිදුවූ බිහිසුණු අනතුරකින් තිදෙනෙකුට දිවි අහිමි වී තිබේ.
පොලීසිය පැවසුවේ අනුරාධපුර, රඹෑව මාර්ගයේ අද (09) අළුයම මෙම අනතුර සිදුව ඇති බවය.
කැබ් රථයක් මාර්ගයේ ගමන් කරමින් සිටි පිරිසකගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන් වේ.
සංගීත සංදර්ශනයකින් අනතුරුව නිවෙස් බලා ගමන් කරමින් සිටි පිරිසක් මෙලෙස අනතුරට ලක්ව තිබේ.
අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 16, 19, සහ 21 යන වයස්වල පසුවන රඹෑව හා පිහිඹියගොල්ලෑව ප්‍රදේශ වල පදිංචිව සිටි පිරිසකි.
මේ අතර කාන්තාවන් දෙදෙනෙකු ද තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළු කර තිබුණි.
අනතුර සිදුකළ කැබ් රථය පළාගොස් ඇති බවත් පොලීසිය වැඩිදුරටත් පැවසීය.
262 Views
Comments