කලුබෝවිල රෝහලේ වාට්ටුවක් වසා දැමේ – සෞඛ්‍ය නිලධාරීන් නිරෝධායනයට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
31

කලුබෝවිල රෝහලේ වාට්ටුවක් වසා දැමේ – සෞඛ්‍ය නිලධාරීන් නිරෝධායනයට

කලුබෝවිල රෝහලේ වාට්ටුවක් වසා දැමේ – සෞඛ්‍ය නිලධාරීන් නිරෝධායනයට

කළුබෝවිල ශික්ෂණ රෝහලේ කොරෝනා ආසාදිත රෝගියෙකු හමුවීමත් සමඟ එම රෝහලේ වාට්ටුවක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට රෝහල් බලධාරීන් පියවර ගත්තා.

 

එමෙන්ම එම වාට්ටුවේ සිටි වෛද්‍යවරුන් මෙන්ම සෙසු කාර්ය මණ්ඩලය නිරෝධායනයට ලක්කර තිබෙනවා.

 

60 හැවිරිදි මොරටුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය අසාධනය වි ඇති බවට තහවුරු වී ඇති බව වාර්තා වෙයි.

 

එම වාට්ටුවේ සේවය කළ වෛද්‍යවරුන් ඇතුළු කාර්යය මණ්ඩලය මහරගම ගුරු අභ්‍යාස විද්‍යාල නේවාසිකාගාරයේ දින 14 කාලයක් නිරෝධායනයට ලක් කරන අතර රෝගින් හෝමාගම මුළික රෝහල තුළ දින 14ක කාලයක් නිරෝධායනයට ලක් කෙරෙනු ඇති.

views

711 Views

Comments

arrow-up