අද සහ හෙට ධීවර කටයුතුවල යෙදීම අවදානම්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
14

අද සහ හෙට ධීවර කටයුතුවල යෙදීම අවදානම්

අද සහ හෙට ධීවර කටයුතුවල යෙදීම අවදානම්

තද සුළං හා රළු මුහුද පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 ත් 70 ත් දක්වා වැඩි විය හැකි බවයි.

ඒ හේතුවෙන්, හෙට උදෑසන දක්වා එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත වීම අනතුරුදායක බව, එම දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර, මීගමුව සිට පුත්තලම,මන්නාරම සහ කන්කසන්තුරේ හරහා මුලතිව් දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ද පැයට කිලෝමීටර් 50 ත් 60 ත් දක්වා වැඩි වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

 

views

661 Views

Comments

arrow-up