ජාතික රෝහලේ හදීසි අනතුරු අංශයේ හෙදියකට කොරෝනා
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
14

ජාතික රෝහලේ හදීසි අනතුරු අංශයේ හෙදියකට කොරෝනා

ජාතික රෝහලේ හදීසි අනතුරු අංශයේ හෙදියකට කොරෝනා

කොළඹ ජාතික රෝහලේ සේවය කරනු ලබන හෙද නිලධාරිනියකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකදී තහවුරු වී ඇති බව එම රෝහලේ ප්‍රකාශිකාවක් සඳහන් කර සිටිනවා.

මෙම හෙදිය කොළඹ ජාතික රෝහලේ හදීසි අනතුරු අංශයේ දැඩි සත්කාර ඒකකයකට අනියුක්තව සේවයේ නියුතු අයෙක් වන අතර ඇයට මෙම කොරෝනා වෛරසය කෙලෙස ආසාදනය වුවාද යන්න සම්බන්ධයෙන් මේ දක්වා තහවුරුවී නොමැති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකෙරෙමින් පවතිනවා.

කොරෝනා වෛරසය ආසාදනය වූ එම හෙදිය සමග සේවයේ නියුතු සෙසු පිරිසගේ PCR පරීක්ෂණ අද දිනයේදී සිදුකිරිමට නියමිතව ඇත.

 

views

773 Views

Comments

arrow-up