කටුනායක ගුවන්තොටුපළේ සේවිකාවකටත් කොරෝනා
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
07

කටුනායක ගුවන්තොටුපළේ සේවිකාවකටත් කොරෝනා

කටුනායක ගුවන්තොටුපළේ සේවිකාවකටත් කොරෝනා

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිරිසිදු කිරීමේ අංශයේ සේවයේ නියැලී සිටි සේවිකාවකට ද කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි කටුනායක ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය චන්දික බණ්ඩාර වික්‍රමසූරිය මහතා පවසනවා.

හලාවත ප්‍රදේශයේ පදිංචි මෙම 50 හැවිරිදි සේවිකාව මෙම රෝගී තත්වයෙන් පෙළෙන බවට තොරතුරු වාර්තා වීමත් සමග ඇය මීගමුව මහ රෝහල වෙත ඊයේ (6) දින සවස ඇතුළත් කර පී.සී.ආර්.පරීක්ෂණයකට ලක් කර තිබෙනවා.

එම පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඇයට මෙම කොරෝනා රෝගී තත්වය වැළදී ඇති බවට සනාථ වුවද , අද (7)දින උදෑසන ද යළිත් ඇය මීගමුව රෝහලේ දී
පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කිරීමෙන් පසු කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව තව දුරටත් තහවුරු වී තිබෙනවා.

මේ වනවිට මෙම සේවිකාව මීගමුව මහ රෝහලේ සිට වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා කොළඹ අයි.ඩී.එච්.රෝහල වෙත මාරු කර යවා ඇති අතර කටුනායක ගුවන් තොටුපළ තුළ ඇය සමීපව ඇසුරු කළ සේවකයින්ගේත් පී.සී.ආර්.පරීක්ෂණ සිදු කරමින් පවතිනවා.

 

views

1359 Views

Comments

arrow-up