රාගම රෝහලෙන් පැන ගිය කොවිඩ් සැක සහිතව පුද්ගලයා මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
07

රාගම රෝහලෙන් පැන ගිය කොවිඩ් සැක සහිතව පුද්ගලයා මෙන්න

රාගම රෝහලෙන් පැන ගිය  කොවිඩ් සැක සහිතව පුද්ගලයා මෙන්න

රාගම රෝහලේ කොවිඩ් 19 වෛරසය වැළඳී ඇතැයි සැක සහිතව ප්‍රථිකාර ලබමින් සිටි පෑලියගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙක් රෝහලෙන් පැන ගොස් ඇති බව නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.

එම පුද්ගලයාගේ ඡායාරූපයක් මීට සුළු මොහොතකට පෙර මාධ්‍යට නිකුත් කළේය.

කොවිඩ් රෝගය සම්බන්ධයෙන් කරුණු සැඟවීමට උත්සහකරන පුද්ගලයින්ට එරෙහිව අපරාධ නීතිය සහ නිරෝධායන නීති යටතේ නීතිමය පියවර ගන්නා බවද ඒ මහතා අවධාරණය කළේය.

එමෙන්ම මෙම රෝග ලක්ෂණ තිබෙන පුද්ගලයෙකු සැඟවීමට උත්සහ කරන පුද්ගලයෙක් හො එම රෝගීන් සැඟව සිටින නිවසක්, ගොඩනැඟිල්ක් හෝ ඕනෑම නිෂ්චල දේපලක් වේ නම් ඒවා තහනමට ගැනීමට සිදුවන බවද නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසීය.

 

 

views

839 Views

Comments

arrow-up