FEB
25
ගාල්ලට මන්ත්‍රී ආසනයක් අහිමි වෙයි

2019 නව ඡන්ද හිමි නාම ලේඛනයට අනුව ගාල්ල දිස්ත්‍රික්කයට හිමිව තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනයක් අඩුවී බදුල්ල දිස්ත්‍රික්කයට එක් මන්ත්‍රී ආසනයක් වැඩි වී තිබෙනවා.
මේ අනුව ගාල්ල දිස්ත්‍රික්කයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 10 ආසන 9 ක් බවට පත්වී ඇති අතර බදුල්ල දිස්ත්‍රික්කයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාව 8 සිට 9 දක්වා වැඩි වී තිබේ.
ඡන්දය හිමි නාමලේඛනයක් සංශෝධනය වනවිට ඒ ඒ දිස්ත්‍රික්කයට හිමි ඡන්ද දායකයින් සංඛ්‍යාවේ ප්‍රතිශතය මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව තීරණය වේ.
793 Views
Comments