අලියාද? හංසයාද ? හදවතද ? – තීරණය හෙට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
18

අලියාද? හංසයාද ? හදවතද ? – තීරණය හෙට

අලියාද? හංසයාද ? හදවතද ? – තීරණය හෙට

ජාතික සමඟ බලවේගයේ ලකුණ අලියා ද ? හංසයා ද ? හදවත ද ? යන්න හෙට රැස්වන එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. 

 

 

මේ අතර හදවත අයිති තමන්ට බව පවසමින් එක්සත් ජාතික පක්‍ෂයේම පිරිසක් මැතිවරණ කොමිසමට ඊයේ ලිපි ලේඛන භාර දුන්නා.

 

 

එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වීමට කිහිප අවස්ථාවකම දින යෙදා  ගැණුනද එය වරින් වර කල් ගියා. මේ අනුව හෙට දිනයේදී ද එම රැස්වීම පැවැත්වෙන්නේද යන්න පිළිබඳ පවතින්නේ දෙගිඩියාවක්.

 

 

 ලකුණ පිළිබඳ අර්බුදය නිරාකරණය කර ගැනීමේ අරමුණින් පැවැත්වෙන සාකච්ඡා අනුව මෙසේ වරින් වර රැස්වීම කල් තැබුණු බවයි වාර්තා වුණේ.

views

644 Views

Comments

arrow-up