ඊයේ වාර්තාවූ කොරෝනා රෝගීන්ගේ තොරතුරු මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
02

ඊයේ වාර්තාවූ කොරෝනා රෝගීන්ගේ තොරතුරු මෙන්න

ඊයේ වාර්තාවූ කොරෝනා රෝගීන්ගේ තොරතුරු මෙන්න

ඊයේ (01) දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාධිත රෝගීන් 25 දෙනා ගෙන් 18 දෙනෙක් වැලිසර පිහිටි නාවික හමුදා කඳවුරේ සෙබළුන් බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

 

මිට අමතරව කොරෝනා ආසාධනය වූ නාවික හමුදාවේ සාමාජිකයින් ලඟින් ඇසුරු කළ පුද්ගලයින් 05 දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරුව ඇතැයි යුධ හමුදාපතිවරයා කියා සිටියා.

 

මෙම පුද්ගලයින් 05 දෙනා ගෙන් සිව්දෙනෙක් එකම පවුලේ සාමාජිකයින් බවද හමුදාපතිවරයා අනාවරණය කර සිටියා.

 

එමෙන්ම නාච්චකුඩා හි පිහිටි නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කොට සිටි මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ පුද්ගලයෙකුටද කොරෝනා වෛරසය වැලදී ඇති බව හමුදාපතිවරයා සඳහන් කර සිටියා.

 

මේ අතර ඊයේ දිනය අවසන් වන විට වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් සහ ඔවුන් ආශ්‍රය කළ පුද්ගලයින් 296 දෙනෙක්ට කොරෝනා වෛරසය වැලදී ඇති බව වාර්තා වනවා.

 

ඉකුත් අප්‍රේල් මස 22 වෙනිදා සිට ඊයේ දිනය වන විට වාර්තා වූ මුළු කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 379ක් වනවා

views

760 Views

Comments

arrow-up