කොරෝනා වෛරසයෙන් සුවය ලැබූ චීන කත රෝහලෙන් පිටව යයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
19

කොරෝනා වෛරසයෙන් සුවය ලැබූ චීන කත රෝහලෙන් පිටව යයි

කොරෝනා වෛරසයෙන් සුවය ලැබූ චීන කත රෝහලෙන් පිටව යයි

නව කොරෝනා වෛරසය ආසාදිතවිමෙන් අංගොඩ අයි.ඩී.එච් උණ රෝහලේ ප්‍රතිකාර ලැබූ චීන ජාතික කාන්තාව අද(19) රෝහලෙන් පිටව යාමට නියමිතව තිබේ.

 


අදාල කාන්තාව සම්පූර්ණයෙන් සුවය ලැබීම හේතුවෙන් ඇය රෝහලෙන් පිටත් කර යැවිමට තීරණය කළ බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්යක සුදත් සමරවීර මහතා පැවසුවේය.

 


පසුගිය ජනවාරි මස 25 වන දින ඇය අංගොඩ රෝහලට ඇතුළත් කර බවද ඒ මහතා පැවසීය.
ඒ අනුව සිදුකරන ලද පරීක්ෂණවලින් ඇයට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු විය.

 


මේ වන විට ඇය සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇතැයිද පැවසු ඒ මහතා, රසායනාගාර පරීක්ෂණ යහපත් මට්ටමේ පවතින බවත් පැවසීය.

 


චීනයේ හුබෙයි පළාතේ සිට මෙරටට පැමිණි මෙම චීන ජාතික කාන්තාව ආසාධිත තත්ත්වයෙන් අංගොඩ රෝහලට ඇතුළත් කළේය.

 

views

629 Views

Comments

arrow-up