ශ්‍රී ලංකා වෙරළට ආසන්නව භූ චලනයක් - සුනාමි අවදානමක් නැහැ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
12

ශ්‍රී ලංකා වෙරළට ආසන්නව භූ චලනයක් - සුනාමි අවදානමක් නැහැ

ශ්‍රී ලංකා වෙරළට ආසන්නව භූ චලනයක් - සුනාමි අවදානමක් නැහැ

උතුරු ඉන්දියන් සාගරයේ - ගිනිකොනදිග ශ්‍රී ලංකා වෙරළට ආසන්නව භූ චලනයක් හටගත් විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

 

ඒහි ප්‍රබලත්වය magnitude 5.4ක් ලෙස වාර්තාවූ බවයි සඳහන් වන්නේ. අද අලුයම 02.34ට කිලෝමීටර් දහයක් පමණ ගැඹුරු මුහුදු පත්ලේ මෙම භූචලනය හටගෙන තිබෙනවා.

 

මෙම භූ චලනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බවට නොමැති බවයි ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.

 

මුහුදුබඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා සහිත බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව තහවුරු කරනවා.

 

මෙම නිවේදනය අදාළ ජාතික සහ අන්තර්ජාතික ආයතන සමඟ එක ගත්තේ නිකුත් කළ නිවේදනයක් බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ

 


 

views

862 Views

Comments

arrow-up