වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් - මි.මී. 100 වැඩි තද වර්ෂාපතනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
23

වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් - මි.මී. 100 වැඩි තද වර්ෂාපතනයක්

වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් -  මි.මී. 100 වැඩි තද වර්ෂාපතනයක්

දිවයිනේ, විශේෂයෙන් නැගෙනහිර, උතුර, උතුරු-මැද, ඌව, සබරගමුව සහ දකුණු පළාත්වල ඉදිරි දිනවල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර සෙසු ප්‍රදේශවල තැනින් තැන ප.ව.2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

නැගෙනහිර, ඌව, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 වැඩි තද වර්ෂාපතනයක් ඇති විය හැක.

 

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල උදෑසන කාලයේදී ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවද අද (23) නිකුත් කළ කාලගුන අනාවැකියේ සඳහන් වෙයි.

views

615 Views

Comments

arrow-up