පාකිස්තානු සිරකරුවන් පිරිසක් පිටුවහල් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
04

පාකිස්තානු සිරකරුවන් පිරිසක් පිටුවහල් කෙරේ

පාකිස්තානු සිරකරුවන් පිරිසක් පිටුවහල් කෙරේ

ශ්‍රී ලංකාව තුළ සිටි පාකිස්තානු ජාතික සිරකරුවන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළෙන් පිටුවහල් කර ඇත.

 

මෙරටට තුළ මත්ද්‍රව්‍ය චෝදනා වලට වැරදිකරුවන් වී සිටි පාකිස්තානු ජාතික සිරකරුවන් 43 දෙනෙකු එරට රජයේ ඉල්ලීමක් මත අද(04) දින අලුයම පාකිස්තානු විශේෂ ගුවන් යානයකින් ඉස්ලාමාබාද් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටුවහල් කර ඇති බව වාර්තා වේ.

 

මොවුන් ශ්‍රී ලංකාවේ මහාධිකරණ මගින් වැරදිකරුවන් වී විවිධ බන්ධනාගාර වල වසර 10 ක් 15 ක් තරම් කාලයක් සිර දඩුවම් විදිමින් සිටි පාකිස්තානු ජාතිකයන් පිරිසකි. මොවුන් මෙලෙස පාකිස්තානය වෙත රැගෙන යෑමෙන් පසුව ද එරට බන්ධනාගාර තුළට යළිත් මොවුන් ඇතුළු කිරීමට නියමිත බව වාර්තා වේ.

 

පාකිස්තානු රජය විසින් මොවුන් රැගෙන යෑම සදහා එරට ආරක්ෂක නිලධාරීන් එක් සිරකරුවෙකුට දෙදෙනා බැගින් , ආරක්ෂක නිලධාරීන් 86 දෙනෙකු සමග පාකිස්තානු ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ඊයේ(03) දින රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.

 

ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපළ වෙත පැමිණ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් ද සමග මෙම පිරිස පිටුවහල් කිරීම සදහා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබුණි

 

 

views

698 Views

Comments

arrow-up