පෑලියගොඩ ආසාදිතයෙකු හේතුවෙන් බදුල්ලේ ස්ප්‍රිංවැලි වතුනිවාස නිරෝධායනයට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
28

පෑලියගොඩ ආසාදිතයෙකු හේතුවෙන් බදුල්ලේ ස්ප්‍රිංවැලි වතුනිවාස නිරෝධායනයට

පෑලියගොඩ ආසාදිතයෙකු හේතුවෙන් බදුල්ලේ ස්ප්‍රිංවැලි වතුනිවාස නිරෝධායනයට

බදුල්ල – ස්ප්‍රිංවැලි වත්ත නිවාස 18ක පදිංචි පුද්ගලයන් 83 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා.

 

කොරෝනා ආසාධිත පුද්ගලයෙකු එම ප්‍රදේශයට පැමිණිම හේතුවෙන් මෙම පියවර ගත් බවයි බදුල්ල- කොවිඩ් ව්‍යාප්තිය පාලන කමිටුව සඳහන් කළේ.

 

තලවකැලේ සිට පැමිණ ඇති බව පැවසෙන පුද්ගලයා පෑළියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණ පොකුරට අයත් ආසාධිතයෙක්. මේ අතර, පස්සර නගරයේ පදිංචි පුද්ගලයෙක් ආසාදිතයෙක් බව අනාවරණය වීමත් සමග ආශ්‍රිතයන් පිරිසක් ස්වයං නිරෝධානයට යොමු කර තිබෙනවා.

 

පස්සර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළේ එම ආසාදිතයා ද පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට අයත් බවයි.

 

 

views

657 Views

Comments

arrow-up