TRC ලියාපදිංචිය සහිත ජංගම දුරකතන පමණක් මිලදී ගන්න
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
02

TRC ලියාපදිංචිය සහිත ජංගම දුරකතන පමණක් මිලදී ගන්න

TRC ලියාපදිංචිය සහිත ජංගම දුරකතන පමණක් මිලදී ගන්න

සිය ආයතනයේ ලියාපදිංචි නොකරන ජංගම දුරකථන ඉදිරියේදී කිසිදු ජාලයක් හරහා කි‍්‍රයාත්මක කිරීමට නොහැකි වන බව ශී‍්‍ර ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම පවසයි.

 

එහි අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක කියා සිටියේ මින් ඉදිරියට විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචි කළ ජංගම දුරකථන පමණක් මිලදී ගැනීමට පාරිභෝගිකයින් කටයුතු කළ යුතු බවයි.

 

මෙම කි‍්‍රයාවලිය මගින් අපේක්ෂා කෙරෙන්නේ පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම බවයි විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ.

 

යම් අයෙකු විදේශගතව සිට පැමිණෙන විට පෞද්ගලිකව රැගෙන එන ජංගම දුරකථන ඔන්ලයින් ක‍්‍රමයට ලියාපදිංචි කිරීමේ පහසුකම් ලබන සතිය වනවිට කි‍්‍රයාත්මක කරන බව ද විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සදහන් කළා.

 

 

views

839 Views

Comments

arrow-up