සාමදාන විනිසුරන් පත් කිරීමේ දී අවම සුදුසුකම අ.පො.ස. සා.පෙළ

වයස අවුරුදු 60ට අඩු සාමදාන විනිසුරන් පත් කිරීමේ දී අවම සුදුසුකම ලෙස ආපොස සාමාන්‍ය පෙළ සළකා බලන බවත් වයස අවුරුදු 60ට වැඩි අවස්ථාවේ දී ඔවුන් දැනට යෙදෙන සමාජ සේවය සැළකිල්ලට ගෙන විකල්ප අධ්‍යාපන සුදුසුකම් සළකා බැලීමට තීරණය කර තිබෙන බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ඊයේ (24) පාර්ලිමේන්තුවේ දී යොමු කළ වාචික ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.
අධ්‍යාපන සුදුසුකම් මත පදනම් ව පමණක් සාමදාන විනිශ්චයකාර තනතුරු සඳහා බඳවා ගැනීම සුදුසු නොවන බවත් සමාජ සේවා කාර්යය ද සැලකිල්ලට ගෙන,සමාජ සේවය කරන ඒ සඳහා කැපවෙන,වේලාව තිබෙන අය තෝරාගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.
1093 Views
Comments