පෙම්වතිය හැර ගිය සොවින් උසස් පෙළ සිසුවා ගිනි තබා ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
04

පෙම්වතිය හැර ගිය සොවින් උසස් පෙළ සිසුවා ගිනි තබා ගනී

පෙම්වතිය හැර ගිය සොවින් උසස් පෙළ සිසුවා ගිනි තබා ගනී

පානදුර අධ්‍යාපන කොට්ඨාසයට අයත් ජනප්‍රිය පාසලක උසස් පෙළ ශිෂ්‍යයකු තම සිරුරට ගිනි තබාගෙන දිවි හානි කර ගැනීමේ පුවතක් වාද්දු පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා විය.

 


දීර්ඝ කාලයක් තිස්සේ ගැහැනු ළමයකු සමග පෙමින් බැඳී සිටි මෙම තරුණයා තම ආදරවන්තිය වෙනත් පෙමක පටලැවී ඇති බවට ලැබුණු තෙරතුරක් මත සිත් තැවුලට පත්ව මෙසේ සිරුරට ගිනි තබාගෙන තිබේ.

 


පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සිසුවා ඉකුත් (02 වැනිදා) කොළඹ ජාතික රෝහලට මාරු කොට යවා තිබුණද එහි දැඩි සත්කාර ඒකකයේදී මිය ගොස් ඇත.

 


මියගොස් ඇත්තේ වාද්දුව  ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙකි.

 


ඔහුගේ අවසන් කටයුතු අද (04වැනිදා) පස්වරුවේ වාද්දුවේදී සිදුකෙරෙන අතර මෙම හදිසි මරණය පිළිබඳව පොලිස් පරීෂණද පැවැත්වේ.

 

 

views

703 Views

Comments

arrow-up