අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය කිරීමට රජය අසමත් වෙලා – අකිල
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
23

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය කිරීමට රජය අසමත් වෙලා – අකිල

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය කිරීමට රජය අසමත් වෙලා – අකිල

රට තුළ වේගයෙන් ඉහළ යන අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය කිරීමට රජය අසමත් වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

 

ලෝක වෙළෙඳ පොළේ මේ වන විට ගෑස් මිල 40% කින් අඩු වී තිබියදී ද ඒ සහන ජනතාවට ලබාදීමට මේ ආණ්ඩුව කටයුතු නොකරන බවද ඔහු පැවසීය.

 

රුපියල් 100 ට දෙන බව පැවසූ සැමන් අද රුපියල් 200 ඉක්මවා ගොස් ඇති බවත් පරිප්පු රුපියල් 65 ට ගැනීමට නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි. රජය සහනාධාර මුදල් බෙදා දෙන්නේ ද මුදල් අච්චු ගැසීමෙන් බවද ඔහු කියා සිටියේය.

 

ඔහු මේ බව කියා සිටියේ වාරියපොල ප්‍රදේශයේ පැවති කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් මාධ්‍ය අමතමිනි.

views

676 Views

Comments

arrow-up