අද රාත්‍රී 8 සිට සඳුදා අලුයම 5 දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය

අද රාත්‍රී (16) 8 සිට එළැඹෙන සඳුදා අලුයම 5 දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඇඳිරි නීතිය උල්ලංඝනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ පුද්ගලයින් 12,000කට පමණ මේවන විට නඩු පවරා ඇති බවයි.
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක 23 සඳහා අද රාත්‍රී 8 ට ඇඳිරි නීතිය පැනවීමෙන් පසු එළැඹෙන මැයි 18 සඳුදා අලුයම 5 දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය බලපැවැත්වේ.
රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල රාජකාරි කටයුතු මේ සතිය තුළ ක්‍රියාත්මක කෙරුණු ආකාරයෙන්ම එළැඹෙන මැයි 18 සඳුදා සිටද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
717 Views
Comments