Ceylon Tea සඳහා ඉහළ ඉල්ලුමක් සහ වාර්තාගත මිලක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
16

Ceylon Tea සඳහා ඉහළ ඉල්ලුමක් සහ වාර්තාගත මිලක්

Ceylon Tea සඳහා ඉහළ ඉල්ලුමක් සහ වාර්තාගත මිලක්

කොවිඩ් 19 වෛරසය ලොවපුරා ව්‍යාප්ත වීමත් සමග ශ්‍රී ලංකා තේ (Ceylon Tea) සඳහා වන ඉල්ලුම ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ. මෙම ඉල්ලුම හේතුවෙන් ලෝක වෙළඳපොල තුළ මෙරට නිෂ්පාදිත තේ කිලෝවක මිල ද ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

 

කොවිඩ් අවදානම හේතුවෙන් වෙනත් අංශවල නිෂ්පාදන බිඳවැටී තිබුණද තේ කර්මාන්තය ආශ්‍රිත ක්‍රියාවලිය දිගින් දිගටම අඛණ්ඩව ක්‍රියාත්මක විය. මේ අතර ලෝක වෙළඳපොලට තේ කොළ සපයන සෙසු රටවල් නිෂ්පාදන කටයුතු සිදු නොකරන බැවින් සිලෝන් ටී සඳහා තිබෙන ඉල්ලුම ඉහළ ‍ගොස් තිබේ.

 

පසුගිය වසර කිහිපය තුළ කඩාවැටී තිබූ ‍තේ කර්මාන්තය කොවිඩ් 19 හේතුවෙන් නැවතත් නගා සිටුවීමට අවස්ථාව ලැබී ඇති බවයි තේ නිෂ්පාදකයන් පෙන්වා දෙන්නේ.

views

758 Views

Comments

arrow-up